19 වන සියවස ආරම්බ වන විට මිනුවන්ගොඩ නගරය ජනශුන්‍ය ප්‍රදේශයක් විය. මෙම ප්‍රදේශයේ රූස්ස තේක්ක වතු හරිත පැහැ නන්වම්න් වැඩී තිබිනි. මේ තේක්ක වත්තක කොටසක් පොල් අතු සෙවිලි කල කුඩා මඩුවක් තරම් වූ පාසලක් එහි ඉදිකර තිබේ.

1912 සිට ලිඛිත ඉතිහසයක් අති මේ පාසලේ දරුවන්ට වැසි දිනවල අකුරු ඉගනීම සදහා විවිධ දුෂ්කරතා වලට මුහුන දීමට සිදුවිය. වැසි දිනවල පොල් අතු යටින් සූරා වැටෙන දිය බිදු ''තේක්ක වත්ත විද්‍යාලය'' මඩ වගුරක් බවට පත් කළේය. එවිට සිසු දරුවන් දිවයන්නේ අසල ගම්සබා කාර්යාල තුලටය. දහස් ගනනක නැණ නුවන හොද නොහොද කියා දෙන මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය නමින් ප්රකටව විරාජමානව වැජබෙන ආරම්බක කතා පුවත ඇරබෙන්නේ මෙපරිද්දෙනි.
1912 පටන් ක්‍රම ක්‍රමයෙන් දිනෙන් දින වසරෙන් වසර මිණුවන්ගොඩ නාලන්දා මධ්‍ය විද්‍යාලය භෞතික වශයෙන් මෙන්ම මානවිය සම්පත් අතින් ද වර්ධනය විය. මෙසේ ඇරඹුණු පාසල 1918 වසර වන විට මිනුවන්ගොඩ ද්විභාෂා රජයේ බාලක විද්‍යාලය නමින් ප්‍රසිද්ධ විය. මෙහි සිංහල පාසැල් හැරයාමේ විභාගය දක්වා පන්ති පැවැත්විනි.
මෙම පාසැලට 1923 දී මුල් ගුරුතුමියක් පත්ව ආවාය. ඈ නමින් D.L.R.M. සමරවික්රමය ඒ වසරේ දී මුල් ගුරුතුමිය ඇතුළුව තවත් ගුරුවරියන් දෙදෙනෙක් මේ සේවය කළෝය. මුල් ගුරුතුමිය රු. 44 ක මාසික වැටුපක් ද උප ගුරුවරියන් රු. 25 ක වැටුපක් ද ලැබූවාය.
මේ අතරතුර 1924 දී ප්‍රධාන ආචාර්ය ධූරයට D.L. නිශ්ශංක මහත්මිය පත් වූවාය. වසර 1943 වන විට මේ විදුහලෙහි ගුරුවරු සංඛ්‍යාව හතර දක්වා වැඩි වූ අතර සිසුන් සංඛ්‍යාව 75 ක් දක්වා වර්ධනය විය. එකල මේ සිසු පිරිස සැලකිය යුතු ඉහළ සංඛ්‍යාවකි.නිදහස් අධ්‍යාපනයේ පියාගේ ආගමනය සිදු වන්නේ මේ වකවානුව තුළය. ඒ අනුව මැදි විදුහල් සංකල්ප ඇරඹිණි 1939 අංක 31 දරණ අධ්‍යාපන ආඥා පනතට අනුව 1943 නොවැම්බර් 02 වැනි දා පාසැල මධ්‍ය විද්‍යාලයක් බවට පත් විය මැදි විදුහලක් වුවද මෙහි පැවතියේ එක් පාඨශාලා ගොඩනැගිල්ලක් පමණි. ඒ අනුව අප පාසලේ අනන්‍යතාව "INDUSTRIA ET INTEGRAITAS" ලෙස ඉහත අයුරින් ප්‍රකට විය.
ආධුනික භට කණ්ඩායමේ පතළ කීර්තියක් හෙබි E.W.P සමරසිංහ මේ පාසලේ ප්‍රථම විදුහල්පතිවරයාය. ඉන් අනතුරුව T.G.S. ගුණවර්ධන මහතා විදුහල්පතිවරයා ලෙස පත්වීම ලබා පැමිණියත් නොබෝ කලකින් ඔහු විදේශ ගත විය. මේ විදුහලට ස්වර්ණමය යුගයක් උදා වන්නේ 1945 වසරේදී ය. මේ වකවානුව තුළ විදුහල්පති ධූරය හොබවන ලද්දේ J.M.F.G. ප්‍රනාන්දු මහතාය. ඔහුගේ බිරිද ද පුහුණු ගුරුවරියක් ලෙස මෙම විදුහලට සේවය කළාය. මේ අවධිය තුළ විදුහල සියලු අංශයන්ගෙන් ශීඝ්‍ර සංවර්ධනයකට ලක් විය. සිසුන් සංඛ්‍යාව 500 දක්වා වර්ධනය විය. ආචාර්යය C.W.W. කන්නන්ගර මැතිතුමා තම අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් 1947 වසරේ සමුගැනීමට ප්‍රථම මිනුවන්ගොඩ මැදි විදුහලට පැමිණ J.M.F.G. ප්‍රනාන්දු විදුහල්පති තුමා හමුවී පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමාට උපදෙස් දී ඇත. වසර 1948 දී ප්‍රනාන්දු විදුහල්පති තුමා හමුවී පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමාට උපදෙස් දී ඇත. වසර 1948 දී ප්‍රනාන්දු විදුහල්පතිවරයා ශිෂ්‍යත්වයක් යටතේ ලන්ඩන් නුවරට පිටත්ව ගොස් ඇත.
මෙම මධ්‍ය විද්‍යාලයේ සිසුවකු ප්‍රථම වතාවට සරසවියට පිවිසීමේ භාග්‍ය උදාකර ගත්තේ 1951 වසරේ දීය. ඒ රංජනී පෙරේරා ශිෂ්‍යාවයි T.G.S. ගුණරත්න නැමැති ශිෂ්‍යාව මාරි මියුසියස් හිගින්ස් ත්‍යාගයද දිනා ගනිමින් 1952 දී සරසවියට පිවිසීමට සමත් වූවාය. අනතුරුව S.A. කොරනේලිස් සිසුවා ප්‍රථම ශිෂ්‍යායා ලෙස ආචාර්ය හේවාවිතාරණ ත්‍යාගය ද හිමිකර ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා 1952 දී සරසවි වරම හිමිකර ගත්තේය.
1945 දී දෙවන ලෝක යුද සමය ඇරඹීමත් සමග කොළඹ නගරයේ ආනාරක්ෂිත තත්වයක් උදා විය. එහෙයින් ආරක්ෂක පියවරක් ලෙස කොළඹ පිහිටි නාලන්දා විද්‍යාලය මිනවන්ගොඩ ප්‍රදේශයටත්, හෝමාගම ප්‍රදේශයටත් ගෙන එන ලදී. එසේ ගෙන එනු ලැබූ නාලන්දා විද්‍යාලයේ කොටස මිනුවන්ගොඩ මිනු/නාලන්දා මහා විද්‍යාලය නමින් පිහිටුවූයේය. ඒ සඳහා මිනුවන්ගොඩ රජ මහා විහාරස්ථානය ඉඩකඩම් ලබාදී තිබුණි. එය වෙනම මිශ්‍ර පාසලක් ලෙස පවත්වා ගෙන ගිය අතර කොළඹ සිට පැමිණි සිසු සිසුවියන් හා ආචාර්යවරු තදාසන්න ප්‍රදේශවල නැවති අධ්‍යාපන කටයුතු වලනිරත ඇත.
මේ යුගයේ මිනුවන්ගොඩ මධ්‍ය විද්‍යාල ඉතාමත් සාර්ථකව ආසන්න ඉඩමේ පවත්වා ගෙන ගොස් ඇත. පාසලට පැවති දැඩි ඉල්ලුම මත සවස් වරුවේ දෙමළ මාධ්‍යයෙන් වෙනම විදුහල්පති වරයෙක් යටතේ "සවස ඉස්කෝලේ" ලෙස මධ්‍ය විදයාලයේම තවත් පාසලක් පවත්වා ඇත. ඒ භූමිය තුළම '' ප්‍රාථමිකය" ලෙස තවත් පාසලක් පවත්වා ඇති අතර එය ප්‍රාථමිකයක් වුවද 11 වසර දක්වා පන්ති පවත්වා ඇත. ශිෂ්‍යත්ව විභාගයෙන් හා ඇතුලත් වීමේ 6විභාග වලින් සමන්වන සිසු සිසුවියන්ට මිනුවන්ගොඩ මධ්‍ය විද්‍යාලයට ඇතුලත් වීමේ අවස්ථාව හිමි වී තිබේ. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී එන සියලුම සිසු සිසුවියන්ට නේවාසිකාගාර පහසුකම් ලැබුණු අතර ඒ සඳහා ඒ යුගයේ මසකට රු. 30.00 ක දීමනාවක් ලබාදී ඇත. දැනට පාසලේ පවතින ක්‍රීඩා පිටිය සැකසීම ඉඩකඩ ප්‍රමාණවත් නොවුණු නිසා පිරිමි නේවාසිකාගාරය බොරගොඩවත්ත ප්‍රදේශයට ගෙන ගොස් ඇත. පාසල් මධ්‍යයේ තිබූ විශාල සියඹලා ගස කපා ඉවත් කර ක්‍රීඩා පිටිය විශාල කර ඇත. පසු කාලයේ ඇති වූ විවිධ ගැටලු සහගත අවස්ථාවන් නිසා පසුව පිරිමි නේවාසිකාගාරය වසා දමන ලදි.
J. වීරකෝන් විදුහල් පතිවරයාගේ යුගය අවසන් වන තුරුත් ගැහැණු නේවාසිකාගාරය පැවතුන අතර පසුව එය වසා දමා ඇත. මේ යුගයේ (1961-1968) පාසලේ දැඩි විනයක් තිබු අතර ඒ තුළ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් පාසලින් නිර්මාණය විය. මිනුවන්ගොඩ මැදි විදුහල ආරම්භයේ සිටම නාලන්දා මහා විද්‍යාලයේ වාණිජ අංශයේ සිසු සිසුවියන් මධ්‍ය විද්‍යාලයට මාරැ කර ඇත. 1972 වසරට ආසන්න වසරක නාලන්දා මහා විද්‍යාලයේ සිටි සියලුම පිරිමි ළමුන් මැදි විදුහලට මාරුකර යවා එම පාසල මිනු/නාලන්දා මධ්‍ය මහා (බාලිකා) විද්‍යාලය ලෙසත් මැදි විදුහල මිනු/නාලන්දා (පිරිමි) විද්‍යාලය ලෙසත් නම් කර ඇත. එහෙත් පිරිමි විදයාලය තුළ සංගීත හා නැටුම් ඉගෙනීම සදහා ශිෂ්‍යාවන්ට ද අවස්ථාව උදාකරදී තිබී ඇත. මිනු/ නාලන්දා යුගයේම මධ්‍ය මහා විද්‍යාලය තුළ වෙනමම ප්‍රාථමික අංශයක්ද ආරම්භ කර ඇත.
1978 වසරේ දී මිනුවන්ගොඩ යාබද ජාපාලවත්ත ප්‍රදේශයේ තෝරා ගත් සිසුන්ගෙන් හය වසර සිට ඉහළ පන්ති සහිත පාසලක් ඇරඹුණි. මේ හේතුව නිසාම මධ්‍ය විද්‍යාලය යළිත් පිරිහීමට ලක් විය. කලින් කල විදුහල්පතිවරුන් සේවයේ නියුතු වුවද නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයට යලිත් ස්වර්ණමය යුගයක් ඇරඹෙන්නේ 1984 වසරේදී වී. වී. මුණසිංහ පාසල තුළ අධ්‍යාපනික හා ක්‍රීඩා අංශ වල දියුණුව හා ළමුන්ගේ චර්යා රටා පවා වෙනත් පාසල් වලට ආදර්ශමත් වන ලෙස සැකසීමට එතුමා සමත් විය. 1997 වසරේදි එතුමා විශ්‍රාම ගැනීමත් සමගම විදුහල යලිත් පිරිහීමට ලක්විය 1997 සිට 2006 වසර දක්වා කාළ සීමාව තුළ නාලන්දා මැදි විදුහලට විවිධ වූ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. 2006 වසරේදි J.H.M.R ජයපත්ම මහතා ගේ සේවය විදුහලට ලැබීමත් සමග විදුහල යළිත් දියුණුවේ මගට අවතීරණ විය.2012 මැදි විදුහලේ සිප් සතර හදාරන සිසුන් සංඛ්‍යාව තුන් දහස් පන්සීයකි. ගුරු මණ්ඩලය එකසීය තිස් දෙදෙනෙකි. උසස්පෙළ විද්‍යා අංශයේ සිසුන් එකසිය තිහක් ද කලා අංශයේ එක සීයතිහක් ද වාණිජ්‍ය අංශයේ දෙසීය විසිපහක් ද ඉගෙනුම ලබති. අධ්‍යාපන ක්ෂේත්රයේ පමණක් නොව ක්‍රීඩා ) අංශයෙන් ද ජය කෙහෙලි නැන්වීමට මිනුවන්ගොඩ මැදි විදුහලේ සිසුන් සමත් වී ඇත.ඒ අතර දහතුනෙන් පහළ ප්රිකට් කණ්ඩායම් බටුවත්ත මහා විද්‍යාලය සමග පැවති තරගයේදී එක ළකුණකට බටුවත්ත මහා විද්‍යාලයේ සියළුම ක්‍රීඩකයන් දවාලීමට සමත් වීම පාසැල් ක්‍රිකට් තරග මාලාවක අනගි භවතිය වාර්තා පටහකි. 1994 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී විද්‍යාලීය ආදි ශිෂ්‍යාවක් වන පුෂ්පමාලි රාමනායක රන් පදක්කමක් දිනා ගැනීම ද සුවිශේෂී සිද්ධියකි. එය වඩාත් වැදගත් වන්නේ වසර 40 කට පසු (ඩත්තන් වයිට් මහතාගෙන් පසුව) පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලෙකදී රත් පදක්කමක් දිනාගැනීම හේතුවෙනි. මහාචාර්යවරු, කතිකාචාර්යවරු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සිරිලක සුවිසල් කළාකරුවන් රැසක් නාලන්දාවෙන් සිරිලකට දායාද විය. විෂය සමගාමී කරුණු පමණක් නොව විෂය බාහිර කරුණු අතින් ද සංවරය, හා හික්මීම අධ්‍යාත්මික ගුණ වගාවන් ද මිනුවන්ගොඩ නාලන්දාවන් පොහොසත් විය. එබැවින් අදවන විට එය පතාක යෝධයකු සේ ප්‍රදේශයේ දරුවන්ගේ නැණ නුවණ වඩවමින් විරාජමානව වැජමෙයි.වසර 09 කට පසුව විශ්‍රම ගන්නා ජේ.එච්.එම්.ආර්. ජයපත්ම විදුහල්පතිගෙන් පසුව විදුහල්පතිවරු කිහිප දෙනෙක් සේවය කල අතර 2019 මෛතීපාල ලියන ආරච්චි විදුහල්පති විසින් ප්‍රථම වතවට පාගමනක් සන්විධානය කරනු ලැබිනි . 2020 වසර දී පමන පාසලේ වැඩ බාරගත් කේ.ඩී.සී.රුවන් කුමාර විදුහල්පති සමයේ විද්‍යාලීය නවීකරන බොහොමයක් සිදුවිය. විද්‍යාලීය ක්‍රීඩාපිටිය විශාල කිරීම, ප්‍රධාන ශාලාව අලුත් වැඩියා කිරීම වැනි කර්තව්‍ය බොහොමයකින් 2023 අප පාසලෙන් සමු ගත්තේය.
රුවන් කරුනාරත්න විදුහල්පති වරයා යටතේ අප පාසල 2023 සිට මේ දක්වා පාලනය වෙමින් පවතී...





