සැරදේ සැරදේ විදුහල් මාතා
සිසු කැල හොබවන එඩියෙනි සැමදා
හද බැති පෙම් පා ගුණ ගී ගයමින්
පුදනෙමු බැතියෙන් විදුහල් මාතා //
සිප් සතරින් අග පත් දරුවන් කැල
හෙළ දෙරණේ දස දෙස පතුරා
ඔබ පළ කළ යස කිතු රැස සිහි කර
නමදිමු බැති ගී ගයමින් සැමදා //
සැරදේ සැරදේ විදුහල් මාතා...
ශූර වීර හෙළ විරුවන් බිහිකල
නාලන්දා මැදි විදුහල් මාතා
ඔබ සමරමු අප සැමදා බැතියෙන්
පතනෙමු ඔබ හට ජය ශ්‍රී ජය ශ්‍රී //





